ඉන්දුනීසියානුවෝ ජනපතිවරණයට සූදානම්



ඉන්දුනීසියානු ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ලබන 17 වැනිදා පැවැත්විමට නියමිත අතර, 2014 ජනපතිවරණයෙන් ජයග්‍රහණය කරමින් ජනතා ප්‍රසාදය දිනාගත් වත්මන් ජනාධිපති යෝකෝ විඩෝඩෝ යළි ජනපති ධුරය වෙනුවෙන් තරඟ වැදීමට නියමිතය.

ජනපති විඩෝඩෝට අභියෝගයක් එල්ල වනු ඇත්තේ ජනපති අපේක්ෂකවරයකු ලෙස ඉදිරිපත් වූ ප්‍රබෝවෝ සුබියැන්ටෝගෙනි. මොහු හිටපු හමුදා ජනරාල්වරයෙකි.

ඉන්දුනීසියානු ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකට පැවැත්වෙන්නේ ප්‍රථම වරටය. මහ මැතිවරණය පැවැත්වෙන්නේ ඉන්දුනීයා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමටය.
මිලියන 190 ක පිරිසක් ඡන්ද දායකයන් ලෙස ලියාපදිංචි වී සිටින බවත් ඡන්ද පොළ සහ මධ්‍යස්ථාන 8,00,000 ක් පිහිටුවීමට කටයුතු කරන බවත් ඉන්දුනීසියා මැතිවරණ කොමිසම පවසා තිබේ.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සහ ජන රැලි ආදී සියල්ල අද (14) දින අවසන් වෙයි. ජනපති විඩෝඩෝට සිය මැතිවරණ කටයුතු වෙනුවෙන් නවීන තාක්ෂණය යොදා ගත්තේය.

මැතිවරණ රැළිවලට යෑමට නොහැකි වූ අවස්ථාවලදී, ජනපතිවරයා ප්‍රක්ෂේපණ යන්ත්‍ර යොදා ගනිමින් හොලග්‍රෑම් තාක්ෂණය යොදා ගනිමින් ජනතාව ඇමැතීමට කටයුතු කළේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS