ඉන්දීය අගමැති අරුණාචල් ප්‍රාන්තයේ



ඉන්දීය අගමැති එරට ඊසාන දෙසින් පිහිටි අරුණාචල් ප්‍රාන්තයේ සංචාරයක් සඳහා යෑම චීනයේ විරෝධයට හේතුවක් වී ඇත.

අරුණාචල් ප්‍රාන්තය පිහිටා ඇත්ාත් චීනයට මායිම්වය. දේශසීමා සම්බන්ධයෙන් ඉක්දියාවත් චීනයත් අතර අර්බුදයක් පවතී. චීන විදේශ අමත්‍යාංශය, මෝදිගේ අරුණාචල් ගමන සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇත්තේ එහෙයිනි.

1962 දී, දේශසීමා අර්බුදය මුල්කොට ගනිමින් ඉන්දියාව සහ චීනය අතර යුද්ධයක් ද පැවැත්විණි. චීනය තමන්ගේ යැයි අයිතිය ඉල්ලන ප්‍රදේශය අයත් වන්නේ දකුණු ටිබෙටයටය. දේශසීමා අර්බුදය විසඳීමට ඉන්දියාව සහ චීනය අවස්ථා ගණනාවකදී හමුවී සාකච්ඡා පැවැත්වූවත් එම සාකච්ඡා අසාර්ථක වී ඇත.

ඉන්දීය මහ මැතිවරණය ලබන මැයි මාසයේ පැවැත්වෙයි. අගමැති මෝදි අරුණාචල් ප්‍රාන්තයට ගියේ මැතිවරණය වෙනුවෙන් ඔහුගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය පැවැත්වූ රැලියකට සහභාගී වී ජනතාව ඇමැතීමටය.

බුම්ලා (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS