ඉන්දියාව නේපාලය අතර දේශසීමා අර්බුදයක්



දේශසීමා ලකුණු කිරීම් සම්බන්ධයෙන් ඉන්දියාවත් නේපාලයත් අතර මේ වනවිට නව අර්බුදයක් නිර්මාණය වී ඇත.

අර්බුදයට හේතුව වූයේ නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලී, ඉන්දු නේපාල දේශසීමාවේ පිහිටි ඉන්දියාව අයිතිය ඉල්ලන පළාත් තුනක් නේපාලයට අයත් බව පෙන්වමින් සිතියමක් සකස් කිරීමය.

නේපාලයට අයත් යැයි අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලී, එම සිතියම හරහා පෙන්වා දී ඇත්තේ ලිම්පියදූරා, ලිපුලෙක් සහ කලප්පානී යන පළාත්ය.

ඉන්දියාවත් නේපාලයත් අතර කිලෝ මීටර් 1,800 ක් දිග දේශසීමාවක් පවතී. දේශසීමාවේ පිහිටි ලිපුලෙක් දුර්ගය අයත් වන්නේ නේපාලයටය. ඒ, දේශසීමා සම්බන්ධයෙන් 1816 දී ඇති කර ගත් එකඟතාවකට අනුවය. එම ගිවිසුම සකස් කරනු ලැබුවේ ඉන්දියාව යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයන්ය.

කත්මණ්ඩුහිදීය (රොයිටර්)


RECOMMEND POSTS