ඇලස්කාවේ ගිනි කන්දක් පිපිරේ



ඇලෙස්කාවේ ගිනි කන්දක් සක්‍රීය වී පුපුරා යමින් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. පෙරෝදා (20) වනවිට ගිනි කන්දෙන් අඩි 28,000ක් උසට දුම්වලා පිටවන්න විය.

ෂිෂැන්දිලොන් නමැති මෙම ගිනි කන්ද ඇලෙස්කාවේ ඇති වඩාත් සක්‍රීය යමහල යැයි පැවැසෙයි. ඇලෙස්කාවේ ගිනි කඳු කිහිපයක් පිහිටා ඇත.

ගිනි කන්ද පාමුල පිහිටි ධීවර ගම්මාන කීපයක් හිස් කෙරුණු අතර, මේ වනවිට එම ගම්මානවලින් එකක් වන ෆෝල්ස් ෆාස් නමැති ගම්මානය ගිනි කන්දෙන් පිටවුණු අළුවලින් වැසී ගොස් ඇතැයි ද පැවැසෙයි. ගිනි කන්දෙන් නිකුත් වන දුම්වලා හේතුවෙන් ගුවන් ගමන් කටයුතුවලට බාධාවක් එල්ල වී ඇත.

ඇන්කොරාජ්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS