ඇමෙරිකාවේ ළැව්ගිනි 33 දෙනකු බිලි ගනී



ඇමෙරිකාවේ පැතිරෙන ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන 33 දක්වා ඉහළ ගොස් තිබේ. පාලනය කළ නොහැකි අයුරින් ළැව් ගිනි පැතිරෙන්නේ කැලිෆෝනියා සහ ඔරෙගන් ප්‍රාන්තවලය.

දැඩි වියලි කාලගුණය සහ සුළං හේතුවෙන් ළැව් ගිනි නිවා දැමීම ගැටලුවක් වී ඇතැයි ගිනි නිවන භටයෝ පවසති. ඔරෙගන් ප්‍රාන්තයේ වනාන්තර ප්‍රදේශවල ළැව් ගිනි 35 ක් පැතිර යමින් පවතින බව ද වාර්තා වේ.

කැලිෆෝනියා ප්‍රාන්තයේ ළැව් ගිනි නිවා දැමීමට ගිනි නිවන භටයෝ 17,000 කට වැඩි පිරිසක් යොදවා ඇතැයි කැලිෆෝනියා ප්‍රාන්ත බලධාරීහු පවසති.

ලොස් ඇන්ජලීස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS