ඇමෙරිකාවේ අනවසර සංක්‍රමණිකයන් අත්අඩංගුවට



ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් හඳුන්වා දී ක්‍රියාත්මක කරන දළදඬු සංක්‍රමණික ප්‍රතිපත්තිවලට අදාලව, එරට ආරක්ෂක අංශ මිසිසිපි ජනපදයේ සිදු කළ වැටැලීම්වලින් නීතිවිරෝධී ආකාරයට ඇමෙරිකාවේ රැඳී සිටින අනවසර සංක්‍රමණිකයන් 680 දෙනකු අත්අඩංගුවට ගැණින.

වැටලීම් සිදු කරනු ලැබුවේ සංක්‍රමණික සහ රේගු බලකායේ නිලධාරීන් විසිනි. ‘අයිස්’ යන නමින් නම් කළ මෙම බලඇණියේ ප්‍රධාන අරමුණ වන්නේ ඇමෙරිකාවේ රැඳී සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් ඇමෙරිකාවෙන් පිටුපහල් කිරීමය. අත්අඩංගුවට ගනු ලැබූ සංක්‍රමණිකයන් 680 දෙනා රැඳවුමම් කඳවුරු වෙත යැවීම සිදුවිය.

මේ වනවිට ඇමෙරිකාවේ නව පාසල් වාරය ආරම්භ වී ඇති අතර ‘අයිස්’ ආරක්ෂක අංශ නිලධාරීන් පාසල්වලට ගොස් අනවසරයෙන් ඇමෙරිකාවේ රැඳී සිටින සංක්‍රමණිකයන්ගේ දරු දැරියන් ද රැගෙන යෑමටත් ඔවුන් ද වෙනම රඳවා ගැනීමේ කඳවුරු වෙත යොමු කළ බවත් වාර්තා වේ.

මෙය අමානුෂික ක්‍රියාවක් බව ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ විරෝධයට හේතුවක් වී ඇත. ඇමෙරිකන් බලධාරීන් පසුව නිවේදනය කළේ අත්අඩංගුවට ගත් 680 දෙනාගෙන් 300 ක් මුදා හැරීමට පසුව කටයුතු කළ බවය.

වොෂින්ටනයේදීය (රොයිරේස්)


RECOMMEND POSTS