අන්තර්ජාල වාරණයට රුසියානුවන්ගේ විරෝධය



අන්තර්ජාල පරිහරණය සම්බන්ධයෙන් නීති දැඩි කිරීම සඳහා වන යෝජනාවකට රුසියානු වැසියන්ගේ විරෝධය පලවී තිබේ.

එම යෝජනාව විරුද්ධවාදීන් මැඩපැවැත්වීමේ උත්සහයක් බවට විරෝධතාකරුවන් චෝදනා කරන්නේය.අන්තර්ජාලය පරිහරණය කිරීම සම්බන්ධයෙන් පවතින නීති දැඩි කිරීම සඳහා වන කෙටුම්පතක් පසුගිය මාසයේදී රුසියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

රුසියානු අන්තර්ජාල සේවාව ලොව අනෙක් අන්තර්ජාල සේවාවන් වලින් වෙන්කර හුදෙකලා කිරීමට අදාළ කෙටුම්පතින් යෝජනා කර ඇත.සයිබර් ආරක්ෂණය වැඩිදියුණු කිරීම එමගින් අපේක්ෂිතයි.

එහෙත් ඊට විරෝධය පල කරන පිරිස් පවසන්නේ මෙය විරුද්ධවාදීන් මැඩපැවැත්වීමේ සහ වාරණය කිරීමේ උත්සහයක් බවයි.

මේ අතර නව කෙටුම්පතට විරෝධය පලකරන රැළියක් මොස්කව් අගනුවරදී පැවැත්වුණු අතර පහළොස්දහසක පමණ පිරිසක් ඊට සහභාගිවී සිටියේය.ඊට සමගාමිව තවත් නගර කිහිපයකදීද විරෝධතා පැවැත්වුණු බව විදෙස් වාර්තා සඳහන් කළේය.

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස්.


RECOMMEND POSTS