ලාංකිකයන්ගෙන් ඉෆ්තාර් සත්කාර



සෞදි අරාබියේ රාමසාන් උපවාස කාලය පුරාම ශ්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන් මෙන්ම ජාතින් වෙනුවෙන් විශේෂ ඉෆ්තාර් සංග්‍රහයන් පැවැත්වීමට දමාම් ඉස්ලාමින් සංස්කෘතික මධ්‍යස්ථානයේ අනුග්‍රය යටතේ ශ්‍රී ලාංකික  සහ තමිල්නාඩු කාර්ය මණ්ඩලය කටයුතු කර තිබිණ.

දහසකට අධික බැතිමතුන් සහ අනෙකුත් ජාතින් වෙනුවෙන් මාසහක් පුරාවට පැවති මෙම ඉෆ්තාර් බෝජන සංග්‍රය වෙනුවෙන් සෞදි අරාබියේ වෙසෙන ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම අනෙකුත් දානපතීන්ගේ දායකත්වයෙන් ඉතා සාර්ථකව ඉටු කල බව ශ්‍රී ලාංකික මවුලවී තුමෙකු වන මොනරාගල අබ්දුල් අසිඉස් මොහොමඩ් මහතා සදහන් කරයි.

පසුගිය බ්‍රහස්පතින්දා දක්වා පැවති මෙම ඉෆ්තාර් බෝජන සංග්‍රහයේ ප්‍රධාන ධර්ම දේශකයෙකු  ලෙස කටයුතු කල අබ්දුල් අසිස් මහතා පැමිණ සිටි ඉන්දියානු (දමිල) සහ ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින් සදහන් කලේ අලුයම සලාතයෙන් ඇරබෙන උපවාස කාලය  සන්ද්‍යා භාගය සමග අවසන් සලා හෝරාව දක්වා ඉතා සන්වමයෙන් මෙන්ම බක්තියෙන් තම ශිලය රැකගත යුතු බවත් සමානාත්මතාවය සහ සහෝදරත්වය සනිටුහන් කර ගනිමින් ආදර්ශමත් දිවියක් ගත කිරීමට අදිෂ්ටාන කර ගත යුතු බවත්ය.

විශේෂයෙන්ම ඉස්ලාම් බක්තිකයින්  “සකාත්” යනුවෙන් හදුන්වන(දුප්පතුන් සදහාආධාර ලබා දෙන)  අරමුදල් සදහා තම ආදායමෙන් හැකි පමණින් උපකාර කිරීම ඉස්ලාම් දහමේ  ප්‍රධාන තේමාවක් බවද මවුලවි අසිස් මහතා සදහන් කරයි.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබියේ සිට

16.05.2018


RECOMMEND POSTS