රසිකාවිය දණින් වැටිලා



කාර්ටික් ආර්යාන් බොලිවුඩයේ කඩවසම් තරුණ නළුවෙකි. කාර්ටික් උපත ලබා ඇත්තේ 1990 නොවැම්බර් 22 වැනිදාය.

මේ වනවිට 28 හැවිරිදි වියෙහි පසුවන ජනප්‍රිය චිත්‍රපට රැසක පෙම්වතාගේ චරිතයට පණ පොවා ඇත්තේ රසිකාවියන් අමන්දානන්දයට පත් කරමිනි.

ඒ, ‘ප්යාර් කා පුන්චාමා’, ‘සොනූ කෙ ටීටු කී ස්වීටි’ සහ ‘ලූකා චුපී’ චිත්‍රපට හරහාය. ‘ලූකා චුපී’ කාර්ටික්ගේ මෙම වසරේ එළිදුටු චිත්‍රපටයයි.

පසුගිය දා කාර්ටික් ට අකරතැබ්බක් සිදුවිය.

එහි දසුන් මේ වනවිටත් ඉන්දීය පුවත් සේවා සහ සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත්වී ඇත.

පසුගිය දා දිනෙක කාර්ටික් හමුවීමට ඔහුගේ රසිකාවික පැමිණ සිටියාය. ඇය කාර්ටික් හමුවීමට පැමිණ සිටින බව දැන දැනගත්, නිහතමානී චරිතයක් ද වන කාර්ටික් පිටතට පැමිණ ඇය සමඟ කතා කළේය.

එහිදී තමා සමඟ විවාහ වෙන්නැයි ඉල්ලීමක් කරමින් එම තරුණිය දණින් වැටී, කාර්ටික් ට විවාහ යෝජනාවක් ගෙනාවාය. ‘අපොයි මේ මොකද නැගිටින්න’ යැයි කියමින්, එම රසිකාවියගේ සිත සනසා ඇයට කරුණු පැහැදිලි කිරීමක් කර, ඇයගේ ජංගම දුරකතනයෙන් සෙල්ෆි ඡායාරූප කීපයකට ද පෙනී සිටීමට කාර්ටික් ආර්යාන් පියවර ගත්තේය.

ඉන්දීය පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS