ජංගම සේවාවක් 18 වැනිදා



ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙහෙයවන ජංගම සේවාවක් මේ මස 18 වැනිදා පෙරවරු 11 සිට පස්වරු 2. 00 දක්වා හයිෆා හි හමිගනීම් වීදියේ අංක 79 හි පිහිටි ශාන්ත ජෝෂප් පල්ලියේ දී පැවැත්වේ.

එහි දී නව විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් නිකුත් කිරීම සහ භාර ගැනීම, උප්පැන්න සහතික විවාහ සහතික, පොලිස් නිෂ්කාෂණ සහතික ලබා ගැනීමට අවශ්‍ය ඉල්ලුම්පත් නිකුත් කිරීම, ඇටෝනි බලපත්‍ර දිවුරුම් ප්‍රකාශ සහතික කිරීම, විදේශ සේවා නියුක්ති කාර්යංශ ලියාපදිංචිය යාවත්කාලින කිරීම සහ නව ලියාපදිංචි කිරීම, විදේශ රැැකියා සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට සහය වීම හා විදේශ සේවා නියුක්ති කාර්යංශය මඟින් සිදුකරනු ලබන විවිධ සේවාවන් සම්බන්ධව දැනුවත් කිරීම යන සේවාවන් ලබා ගත හැකි බව එම තානාපති කාර්යාලය කියයි.

70 වන නිදහස් සමරුව නිමිත්තෙන් තානාපතිතුමන් ගේ උපදෙස් මත පැවැත්වෙන මෙම ජංගම සේවයට පැමිණ තම අවශ්‍යතා ඉටු කර ගන්නා ලෙස එරට වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන් ගෙන් තානාපති කාර්යාලය ඉල්ලීමක් කරයි.

 


RECOMMEND POSTS