එමිරේට්හි ෂෙයික් මොහමඩ් තුමාගේ දියණිය විවාහ ගිවිස ගනියි



 එක්සත් අරාබි එමිරේටි හි අගමැති හා උප ජනාධිපති  අතිගරු ෂෙයික් මොහෙමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් තුමාගේ දියණිය ඇගේ විවාහ ගිවිස ගැනීමේ උත්සය ඉන්ටර්ග්‍රෑම් සමාජජාල අඩවිය ඔස්සේ නිවේදනය කර සිටියාය.

ෂයිඛා ලතිෆා බින්ට් මොහෙමෙඩ් බින් රෂිඩ් මක්ටුම් වන ඇය අතිනත ගනු ලබන්නේ ෂායික් ෆයිසාල් සවුද් ඛාලිඩ් අල්-කසිමි සමගයි.

ෂයික් ෆයිසාල්,  පැවත එන්නේ රාස් අල් ඛයිමාහ් රාජකීය පවුලෙනි., ඔහුද ඔහුගේ ඉන්ටර්ග්‍රෑම් සමාජජාල අඩවිය ඔස්සේ මෙම උත්සවය නිවේදනය කර සිටියේය.

මෙම දෙපලට ඉන්ටර්ග්‍රෑම් සමාජජාල අඩවිය ඔස්සේ පවුලේ සමාජිකයින්ගෙන්, හිත මිතුරන්ගෙන්, සුබ පතන්නන්ගෙන් උණුසුම් සුබපැතුම් ගලා එමින් ඇත.

 

(ජානක ප්‍රියදර්ශන ජයතිලක)


RECOMMEND POSTS