රැජිණියක් වුනු කාජල් !



කාජල් බොලිවුඩ් සිනමාවේ අතිදක්ෂ රංගන ශිල්පිනියක බව ලොවක් දන්නා කරුණක්.බොලිවුඩ් තරු අතරින් වාඩිම Filmfare සම්මාන් ගණනකට හිමිකම් කියන කාජල් ක්⁣ෂේතයට පැමිණි දා සිටම මේ දක්වා තරු ගුණය එලෙසම පවත්වා ගෙන ආ රංගන ශිල්පිනියක්.නමුත් ඇගේ සමකාලිනයින් බොහෝ දෙනෙක් ඉතිහාසගත පුරවෘත සඳහා සිය රංගන දායකත්වය ලබා දී තිබුණත් ඇය ඒ අතරට එක් නොවීම බොලිවුඩයේ අඩුවක් ලෙස කැපී පෙණුනා.

රංගන පරාසය හැකියාව තරු ගුණය උපරිමයෙන් රඳා පවත්වා ගත් Kajol අවසන් වර Helicopter eela චිත්‍රපටයෙන් ප්‍රේක්ශකයා අතර දක්නට ලැබුණා.නමුත් තම මීළඟ නිර්මාණය හරහා Kajol තමා මෙතෙක් කල් සිනමාවේදී දායක නොවූ පුරාවෘත චිත්‍රපටයක භූමිකාවක් නිරූපණය කිරීමට නියමිතයි.

චිත්‍රපටයේ නම Tanhaji.Unsung Warrior

අජේ දේව්ගන් හා Kajolප්‍රධාන චරිතය නිරූපණය කරන මෙම චිත්‍රපටයේ ප්‍රදාන දුෂ්ඨ චරිතය Saif Ali Khan කිරීමද විශේෂයක් වන අතර Om Raut විසින් අධ්‍යක්ෂණය කරනු ලබයි.මරාත අධිරාජ්‍යයේ හමුදා නායක මරාතී මහාරාෂ්ත්‍රියෙකු වූ Tanaji Malusare ගේ ජීවිත කථාව අලලා නිර්මාණය වන මෙම චිත්‍රපටයේ සංගීතය Ajay Athul විසින්ද,නිශ්පාදනය Ajay Devgn FFilms හා T Series(Company) මගින්ද, සිදු කරනු ලබයි.

2019 දෙසැම්බර් 27 තිරගත වීමට නියමිතව තිබූ මෙම චිත්‍රපටය 2020 ජනවාරි 10 තිරගත වන බව පසුව දැන ගැනීමට ලැබුණා.එය එසේ වුවහොත් දීපිකා පදුකෝන්  Chhapaak චිත්‍රපටය සමඟ එකවර එකදින ආරම්භ වී එකවර තිරගත වනු ඇතී.

කෙසේ නමුත් කාජල් ගේ  මෙම වෙනස් රංගනය වාර්තා පිට වාර්තා තබයිද යන්න  යන්න දැන ගැනීම දැක ගැනීම Kajol ප්‍රේක්ශක සැමගේ නොඉවසිලිමත් බලාපොරොත්තුවක් වනවා නොඅනුමානයි.

( තිළිණි ද සිල්වා )
ෆිල්ම් ෆෙයාර් ඇසුරෙනි

RECOMMEND POSTS