අබුඩාබි ඉෆ්තාර් උත්සවය



ජාතික සමගිය සහ සහෝදරත්වය වර්ධනය කිරීමේ අරමුණින්  "එතෙර අපි" සංවිධානය අබුඩාඩි ශාඛාව මඟින් රාමසාන් මාසය නිමිතිකොට ගෙන අබුඩාබි වෙසෙන ශ්‍රීලාංකීය මුස්ලිම් බැතිමතුන් වෙනුවෙන් පැවත්වුනු ලැබූ ඉෆ්තාර් භෝජන සංග්‍රහය 2018-06-07 දින Al Afriyah -  Khalidiya  ගොඩනැගිලි පරිශ්‍රයේදී පැවැත්විණ.

මෙම උත්සවයට අබුඩාබි ශ්‍රීලංකා නියෝජ්‍ය තානාපති සිසිර සේනාරත්න මහතා ඇතුළු කාර්‍යමණ්ඩලයේ පිරිසක් සහභාගී වූ අතර,  අබුඩාබියේ ක්‍රියාත්මක අනෙකුත් ශ්‍රී ලාංකීක සංවිධානය නියෝජනය කරමින් පිරිස් උත්සවයට එක්විය.

අබුඩාබි වෙසෙන විශාල තරුණ මුස්ලිම් සහෝදරයින් පිරිසක් සහභාගී වූ අතර, එහිදී ජාතික සමගිය වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදට එරෙහිව "එතෙර අපි" සංවිධානයේ සහෝදරවරුන් සහ පැමිණි සිටි පිරිස් තමන්ගේ අදහස් ඉදිරිපත් කළ අතර නියෝජ්‍ය තානාපති තුමා විසින්  මෙම ඉෆ්තාර් උත්සවය ඇති වටිනා කම පිළිබඳව සහ "එතෙර අපි"  අබුඩාබි සංවිධානයේ ක්‍රියාකාරකම් මෙන්ම ජාතික සමගිය උදෙසා ඔවුන් සිදු කළ ක්‍රියාකාරකම් ඇගයීමින් අදහස් දක්වන ලදී.


RECOMMEND POSTS