ලෙබනන් සෘතු ප්‍රදර්ශනයට ලංකාවත්



ලෙබනනයේ ගිම්හාන සෘතුව වෙනුවෙන් ලොව පුරා රටවල් කිහිපයක සහභාගීත්වයෙන් පවත්වන අලේ සංස්කෘතික ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව සාර්ථකව දෙවනවරටත් සහභාගී වූ බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි.

ඉකුත් ජූලි 20 වැනිදා සිට 22 වැනිදා දක්වා රාස් ජබාල්  හි පැවති මෙම සංස්කෘතික උත්සවය එරට ප්‍රධාන පෙළේ සංස්කෘතික උත්සවයක් වන මෙයට ලෙබනන් හි සිටින රාජ්‍යතාන්ත්‍රිකයින් ,එරට රජයේ නිලධාරීන් සහ වැසියන් බහුතරයක්  සහභාගී වූ බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

ගිම්හාව සෘතුවේ එරටට පැමිණෙන සංචාරකයින් ඉලක්ක කර ගෙන පැවැත්වෙන් මෙහිදී  සුමිහිරි සංගීතය, නර්තනය, චිත්‍ර නිර්මාණ, අත්කම් නිර්මාණ සහ එරටට අවේනික ආහාරපාන ද ප්‍රදර්ශනය කෙරිණි.

මෙම සංස්කෘතික ප්‍රදර්ශනය වෙනුවෙන් ශ්‍රී ලංකා කුටියක්ද එක් කර තිබූ අතර,එහි සිලෝන් ටී , ලාංකික  අත්කම් නිර්මාණ , නර්තන ශිල්පිනී සංගීතා විවියන් ශ්‍රීපාලි ප්‍රමුඛ රංගනා නර්තන ඇකඩමිය විසින් සැකසූ ලාංකික නර්තනාංශ දෙකක්ද ඉදිරිපත් කෙරිණි.

ලංකාව වඩාත් ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් සහිත රටක් ලෙසින් ප්‍රවර්ධන කිරිම මෙමගින් සිදු විණි.


RECOMMEND POSTS