බහරේනයේ නව තානාපති වැඩබාර ගනී



බහරේනයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත් වීම් ලැබූ ප්‍රදීපා සරමිස් මහත්මිය ඉකුත් දා සිය තනතුරේ නිල වශයෙන් රාජකාරී ආරම්භ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

තානාපති ප්‍රදීපා සරමිස් 1998 වසරේ ශ්‍රී ලංකා විදේශ සේවා කණ්ඩායමේ සාමාජිකයෙකු වන අතර විදේශ අමාත්‍යාංශයේ විදේශ වත්කම් කළමනාකරණය හා සංවර්ධනය පිළිබඳ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා විය.

මීට අමතරව ඇය අමාත්‍යාංශයේ විදේශ පරිපාලන අංශය අධ්‍යක්ෂ ජනරාල වශයෙන්ද , මැද පෙරදිග අංශය අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සහ කොන්සියුලර් කටයුතු අංශයේ වැඩබලන  අධ්‍යක්ෂ ජනරාල්  ලෙස කටයුතු කළාය.

තවද 2015 සිට 2018 දක්වා මිලාන්හි පළමු ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා ලෙසද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ජර්මනියේ සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කරනු ලැබුවාය.

කොළඹ විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ඇති බහරේනයේ ශ්‍රී ලංකා තානාපතිවරිය කොළඹ ගෝතමි බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS