ඉතාලි ආධාරවලින් පාරක් තැනේ



ඉතාලියේ තොස්කානා ප්‍රාන්තයේ ශ්‍රි ලාංකිකයින් පිරිසකගේ සමන්විත ශ්‍ර ලංකා අසරණ සරණ සමිතිය මගින් වාර්ෂිකව සිදු කරන ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක් වන ලග්ගල ඇටන්වල ගම මැද මාර්ගය කොන්ක්‍රිට් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පත් කිරිම පසුගියදා සිදු කෙරුණි.

මෙම සංගමයේ සභාපති නලින් ප්‍රදිප් ඩයස් මහතා ඇතුලු පිරිසකගේ සහභාගිත්වෙයන් සිදු කළ අතර රුපියල් ලක්ෂ නවයකට ආසන්න මුදලක් මෙම මාර්ගය ඉදිකිරිම සදහා වැය කර ඇති අතර 1995 වසරේ සිට මෙම සංගමය මගින් දිවයිනේ දුෂ්කර ප්‍රදේශ වල මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

සංගමයේ සභාපති නලින් ප්‍රදිප් ඩයස් මහතා ඇතුලු පිරිසකගේ සහභාගිත්වෙයන් මාර්ගය ජනතා අයිතියට පත් කළ අයුරු ඡායාරූපයේ දැක්වෙයි.

(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)


RECOMMEND POSTS