මඩකලපුව දේවස්ථානයේ පිපිරීම සිදු කළ බෝම්බකරු හඳුනාගනී



(වසන්ත චන්ද්‍රපාල)

මඩකලපුව සියෝන් දේවස්ථානයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන ලද පුද්ගලයා ඔහුගේ මව විසින් හඳුනාගනු ලැබීය.

ඔහු නමින් නාසාර් මොහමඩ් අසාර් නැමැති 27 හැවිරිදි පුද්ගලයෙකි. හතරවෙනි මාවත නව කාත්තන්කුඩි යන ලිපිනයේ පදිංචිකරුවෙක් බව ආරක්ෂක අංශ පවසයි.

මෙම පුද්ගලයා කල්මුනේ ප්‍රදේශයෙන් විවාහවී සිටින පුද්ගලයෙක් වෙන බවද පොලිසිය සඳහන් කරයි.ඔහු හඳුනා ගැනීමෙන් පසුව තව දුරටත් විමර්ශණ සිදුකරන බව මඩකලපුව උසස් පොලිස් නිලදාරියෙකු පැවසීය.


RECOMMEND POSTS