තව ටික කලක් ඕස්ටේ‍්‍රලියාවේ ඉන්න වරම්



ඔස්ටේ‍්‍රලියානු රජය මෙරටට එවීමට තීරණය කළ ශ්‍රී ලාංකික පවුලක් නවතා ගන්නැයි එරට ෆෙඩරල් විනිසුරුවරයකු තීන්දුවක් ලබා දී ඇතැයි එන්.ඞී.ටීවී. පුවත් සේවය වාර්තා කරයි.

එම ශ්‍රී ලාංකික පවුල මෙරටට යවන්නැයි ඔස්ටේ‍්‍රලියාවේ රජය නියෝග කර තිබිණි. ඒ අනුව එම පවුල ගුවන් යානයකට ද නංවා තිබෙන අතර අවසාන මොහොතේදී ෆෙඩරල් විනිසුරුවරයකු වන හෙදර් රයිලි අතුරු නියෝගයක් ලබාදෙමින් එම පවුලට ඔස්ටේ‍්‍රලියාවේ තවත් කාලයක් සිටීමට අවස්ථාව ලබා දී තිබේ.

ඔස්ටේ‍්‍රලියාව දැඩි ආගමන විගමන නීති කි‍්‍රයාත්මක කරන රටක් වන අතර පසුගිය කාලයේදී බෝට්ටු මගින් ඔස්ටේ‍්‍රලියාවට පැමිණෙන සංක‍්‍රමණිකයන් වැඩි වීම නිසා අදාළ නීතිරීති තවදුරටත් දැඩි කළේය. ඒ අනුව බෝට්ටුවලින් සහ අනවසර ලෙස ඔස්ටේ‍්‍රලියාවට පැමිණෙන සියලූ දෙනා නැවත එම රටවලට හරවා යවන බව ඔස්ටේ‍්‍රලියාව අඛණ්ඩව අවධාරණය කළේය.

දියණියන් දෙදෙනකුගෙන් සමන්විත මෙම පවුලේ මව සහ පියා ඔස්ටේ‍්‍රලියාවට පැමිණ ඇත්තේ 2012 සහ 2013 වසරවලදී ය. රැුකවරණ පතා ඔස්ටේ‍්‍රලියාවට පැමිණියත් නීතිවිරෝධී ලෙස බෝට්ටුවෙන් පැමිණි නිසා ඔස්ටේ‍්‍රලියානු රජය ඔවුන් ආගමන නිලධාරීන්ගේ භාරයට පත් කර තිබේ. රැුඳවුම් භාරයේ සිටි ඔවුන් නැවත ශ්‍රී ලංකාවට යැවීමට පියවර ගත් අවස්ථාවේදී ෆෙඩරල් විනිසුරුවරිය අදාළ අතුරු නියෝගය ලබා දී තිබේ.

හර්ෂණ තුෂාර
එන්.ඞී.ටීවී. ඇසුරිනි

 


RECOMMEND POSTS