විදෙස් ශ‍්‍රමිකයන්ට කුවේට් හි රැකියා අවදානමක්



කුවේට් හි රැකියාවල නියුතු දශ ලක්ෂයකට අධීක විදේශ ශ‍්‍රමිකයන් එරටින් පිට කිරීමේ සුදානමක් ඇතැයි ඬේලි අරාබි ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත. 

මෙවැනි පියවරක් ගතහොත් කුවේට් දේශයේ කීර්තිනාමයට එයින් බරපතල ලෙස හානි සිදුවනු ඇතැයි මේ සම්බන්ධව අදහස් දක්වමින් අප‍්‍රිකානු අරාබි සහයෝගිතා එකමුතුුවේ හා සාමය හා ප‍්‍රතිසංවිධානයේ තානාපති ආචාර්ය මොහමඞ් ජාසිම් අල් මේඩෙරිස් එම පුවත් පතට පවසා ඇත. 

මෙසේ විදේශිය ශ‍්‍රමිකයින් කිසිදු වග විභාගයකින් තොරව රටින් පිටුවහල් කිරීම සම්බන්ධව බොහෝ පුද්ගලයින්ගේ හා සංවිධෘනවල විරෝධතා මතුව ඇතැයි එම පුවත්පත පෙන්වාදෙයි. 

කුවේට් හි ඇතැම් කෙෂත‍්‍ර ස`දහා විදෙස් ශ‍්‍රමිකයන් තවමත් අවශ්‍ය වන බැවින් විදෙස් ශ‍්‍රමිකයින් රටින් පිටුවහල්  කිරීම හැර වෙනත් විකල්ප කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද අල් මෙඩෙරිීස් මහතා තව දුරටත් පෙන්වා දෙයි. 

 

 විනීතා එම් ගමගේ


RECOMMEND POSTS