ඊජිප්තු හමුදා ලොක්කෙක් ඝාතනය කෙරේ



ඊජිප්තු හමුදාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු අද උදේ ඔහුගේ නිවස ඉදිරිපිටදී ඝාතනයට ලක් වුණු බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
ඝාතනයට ලක් වූයේ බ්‍රිගේඩියර් ජනරාල් අදෙල් රාගේයි යැයි පැවැසෙයි. ඔහු සිනායි නුවර හමුදා බළඇණියට නායකත්වය දුන් බව ද වාර්තා වෙයි.
නිවස ඉදිරියේ සිටිද්දී ජනරාල් අදෙල් රාගේයි වෙඩි වරුසාවකට ලක් වී ඇති බවත්, ඔහුගේ ආරක්ෂාවට සිටි හමුදා සොල්ලාදුවන් දෙදෙනකු ද එයින් තුවාල ලබා ඇති බවත් අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර ඇත.

(අල් ජසීරා ඇසුරිනි)


RECOMMEND POSTS