ඕමානයට උල්කාපාත 352ක්



ඕමාන-ස්විස්ටර්ලන්ත විශේෂඥ කණ්ඩායමක් උල්කාපාත විශාල ප්‍රමාණයක් ඕමානයෙන් සොයා ගනියි.

2018 වර්ෂය තුල ඕමානයට පතිත වු කිලෝග්‍රෑම් 53ක බරකින් යුත් උල්කාපාත 352ක් සොයා ගැනීමට විශේෂඥ කණ්ඩායම සමත් වී ඇත.

ඕමාන පතල් කර්මාන්ත පිළිබද අධිකාරියේ සහ ස්විස්ටර්ලන්තයේ බර්න් හි ස්භාවික ඉතිහාස කෞතුකාගාරයට අයත් විශේෂඥ කණ්ඩායමක් ගල්ෆ් කලාපයට පතිත වී ඇති උල්කාපාත පිළිබඳව පරියේෂණ කටයුතු සිදුකරයි.

සමස්ථ පරියේෂණයේ කොටසක් ලෙස, පෙබරවාරි මාසයේ මැද පමණ වනවිට පරියේෂණ කටයුතු අවසන් කිරීමේ අරමුණින් උල්කාපාත පිළිබව සෙවීම පසුගිය ජනවාරි මාසයේදි විශේෂඥ කණ්ඩායම ආරම්භ කළ බව ඕමාන පතල් කර්මාන්ත පිළිබද අධිකාරිය ප්‍රකාශ කළේ ය.

2001 වසරේ සිට ඕමානයට පතිත වු උල්කාපාත එකතු කිරීම, අධ්‍යනය කිරීම, වර්ගීකරණය සහ සංරක්ෂණය කිරීමට ඕමාන පතල් කර්මාන්ත පිළිබද අධිකාරිය ස්විස්ටර්ලන්තයේ බර්න් හි ස්භාවික ඉතිහාස කෞතුකාගාරය අතර අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS