ලාංකිකයින් වෙනුවෙන් සම්මානය ගනී



ඕමානයේ සුල්තාන් රාජ්‍යයේ ජනතාව සමඟ එක්ව ශ්‍රී ලංකා ප්‍රජාව දක්වන මානව සහයෝගීතාව පිළිබඳ අගයමින් ඕමාන් ලේ බැංකු සේවා දෙපාර්තමේන්තුව එරට සිටින ශ්‍රී ලංකාවේ තානාපති අමීර් අජ්වාද් මහතාට උපහාර පිදීම උත්සවයක් ඉකුත්දා එරටදී පවත්වා ඇත.

මෙම උත්සවය ඉකුත්දා ඕමානයේ  මස්කට් අගනුවර ග්‍රෑන්ඩ් මිලේනියම් ශාලාවේදී පවත්වනු ලැබිණි.

ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුධිර බැංකු සේවා දෙපාර්තමේන්තුව විසින් අමීර් අජ්වාද් මහතාට මෙලෙස උපහාර පිදීමේ උත්සවයක් පවත්වනු ලැබූයේ  ඕමානයේ සුල්තාන් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් ලේ දන් දීමේ ව්‍යාපාර සංවිධානය කිරීම සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දී තිබේ.

ඕමානයේ සුල්තාන් රාජ්‍යයේ ජනතාව සමඟ ශ්‍රී ලංකා ප්‍රජාව දක්වන මානව සහයෝගීතාව පිළිබඳ අගයමින් ඕමානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් පිළිබඳ උප ලේකම් ආචාර්ය අලි බින් තාලිබ් අල් හිනයි තානාපති අමීර් අජ්වාඩ් මහතා හට සිහිවටනයක් ඉදිරිපත් කළේය.

ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂිත වෛද්‍ය ප්‍රතිකාර අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කාසිම් බින් ජාෆර් සහ රුධිර බැංකු සේවා සංවර්ධන අධ්‍යක්ෂ වෛද්‍ය සයිනබ් සලීම් අල් අරයිමි යන මහත්වරුන් ද මෙම උපහාර උළෙලට සහභාගී වූහ.


RECOMMEND POSTS