ලබන මස සිට ඩුබායි ටැක්සිවල නොමිලේ වයි ෆයි



ලබන මාසයේ සිට ඩුබායි කුලී රථ වල ගමන් ගන්නා මගීන් වෙනුවෙන් නොමිලේ වයි-ෆයි ලබාදීමට පරීක්ෂණ කටයුතු සිදුවන බව ඩුබායි මහාමාර්ග ප්‍රවාහන අධිකාරිය බදාදා ප්‍රකාශ කළේය. 

මීට අමතරව කල්තියා මගියාට හා රියදුරාට තම ගාස්තු ගණනය කිරීමට පහසුවන පරිදි එල්.සී.ඩී තිරයක් (ටච් ස්ක්‍රීන් සහිත) සවිකරන බව වැඩිදුරටත් සදහන් කලේය.

මෙහි අරමුණ වන්නේ ලෝකයේ ඇති තාක්ෂණයෙන් ඉහල ස්මාර්ට් නගරය බවට පත්කිරීමේ ඩුබායි රජයේ උපායමාර්ගික සැලැස්මේ එක කොටසක් වශයෙනි.

ටැක්සි රථවල ගමන් ගන්නා පුද්ගලයින්ට ප්‍රථම වතාවට හැකිවේවි කල්තියාම ඔවුන් ගමන්ගන්නා දුර ප්‍රමාණයට අනුව මිල ගණන් තීරණය කර ගන්න.

දර්ශන තිරය මගින් ඔවුන්ට අදාල මුදල් අයකිරීම් නිවැරදිව දැනගන්නත් පුළුවන්.

මෙය ඩුබායි මහාමාර්ග ප්‍රවාහන අධිකාරියේ සේවාවන් හා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා ආකාරෂණීය දෙයක් බවට පත්වන බව ඩුබායි කුලීරථ සංගමයේ ප්‍රධාන විධායක නිළධාරි වෛද්‍ය යූසුප් මොහොමඩ් අල්-අලි කියා සිටියේය.   

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS