රියැදුරන් රහිත වාහන ධාවනය ගැන ඩුබායිහිදී පරීක්ෂණ



මෙට්රෝ දුම්රිය ස්ථාන, සාප්පු සංකීර්ණ හා සංචාරක ස්ථාන සදහා රියැදුරන් රහිත වාහන යොදාගැනීම පිළිබඳව බව ඩුබායි ප්‍රවාහන හා මහාමාර්ග අධිකාරිය අවධානය යොමුකර ඇත.

මේ සදහා අවශ්‍ය කරනු ලබන පරීක්ෂණ කටයුතු දැනටමත් කරමින් සිටින බව එම අධිකාරිය ප්‍රකාශ කර සිටියේය. මෙම එක් වාහනයක් තුළ මගීන් 10 දෙනෙකුට ගමන් කළ හැකි අතර ‘බිස්නස් බේ‘ ප්‍රදේශය තුළ මීටර් 650ක වපසරියක් ඇතුළත මෙම වාහන ධාවනයට යොදවන බව වැඩිදුරටත් පැවසීය.

මේ සදහා කරනු ලැබූ පළමු හා දෙවන පරීක්ෂණ දෙක ඉතා සාර්ථකවූ බව ප්‍රවාහන හා මහා මාර්ග අධිකාරිය පවසයි.

මෙම පරීක්ෂණ කටයුතු බුබායි වෙළද මධ්‍යස්ථාන සහ මොහොමඩ් බින් රෂීඩ් බුල්වාර්හි සිදුකරන ලද බව ප්රවාහන හා මාහාමාර්ග අධිකාරියේ බලප්‍ර එජන්සියේ ප්‍රධාන විධායක නිලධාරි සහ ස්මාර්ට් වාහන කමිටුවේ සභාපති අහමඩ් බහොස්යන් පැවසීය.

2030 වන විට ඩුබායිවල භාවිතා වන වාහනවලින් 25%ක් රියදුරන් රහිත වාහන බවට පත්කීරීමට යන ගමනේ මෙය එක සංක්රාන්ති සමයක් බවත් මෙම වාහන, රජයේ උපාය මාර්ග හා මෙහි යොදාගන්නා තාක්ෂණයන් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව දැනුම්වත් කල යුතු බවත් ඔහු වැඩි දුරටත් පැවසිය.


RECOMMEND POSTS