මුස්ලිම් වැසියන් එකවර ජෝර්දානයට සෞදියට පලස්තීනයට



ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් වැසියන්ට එකවර සෞදිය, ජෝර්දානය සහ පලස්තීනයේ සංචාරයක යෙදීම සඳහා අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් සලකා බලන බව

ජෝර්දාන සංචාරක මණ්ඩලයේ සභාපති ආචාර්ය අබේද් අල් රසාක් මහතා පැවැසීය.

සෞදියේ මක්කාම සහ මදීනා වන්දනාවේ යෙදීමෙන් අනතුරුව මුස්ලිම් බැතිමතුන්ට ජෝර්දානය ඔස්සේ පලස්තීනයේ තිබෙන අල් අක්සා පල්ලිය වෙත යෑමට විශේෂ වීසා පහසුකමක් ලබාදිය

හැකි බව ජෝර්දාන සංචාරක මණ්ඩලයේ සභාපති ආචාර්ය අබේද් අල්  රසාක් මහතා කීය. මේ අනුව ඉස්ලාම් දහමේ තෙවැනි පූජනීය ස්ථානය වන පලස්තීන ජෙරුසලමේ පිහිටි අල් අක්සා වෙත

විශේෂ වීසා පහසුකම් යටතේ සංචාරයේ යෙදීම මුස්ලිම් බැතිමතුන්ට හිමිවනු ඇත.

''අපි දැනට මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ වැසියන්ට මෙම පහසුකම ලබා දී තිබෙනවා. උම්රා වන්දනාවේ (මක්කම වන්දනාව) යෙදීමෙන් අනතුරුව මුස්ලිම් බැතිමතුන්ට අල් අක්සා පල්ලියට ජෝර්දානය ඔස්සේ යා හැකියි. එවිට අපි සංචාරකයන්ගේ ගමන් බලපත්‍රවලට විශේෂ වීසා පහසුකම් දෙනවා. ශ්‍රී ලංකාවේ මුස්ලිම් බැතිමතුන්ට ද ඒ අවස්ථාව ලබාදෙන්න අපි සූදානම්" යැයි
ජෝර්දානයේ සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා මාධ්‍ය පිරිස හමුවෙමින් රසාක් මහතා තවදුරටත් කීය.

මේ අනුව මුස්ලිම් බැතිමතුන්ට තම ගමන් බලපත්‍රයේ ඊශ්‍රායල වීසා මුද්‍රාව නොමැතිව විශේෂ වීසා පහසුකම් යටතේ ඊශ්‍රායල අගනුවර ට සංචාරය කිරීමේ හැකියාව හිමිවනු ඇත.

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති අබ්දුල් ලතීෆ් ලාෆීර් මහතා ඇතුළු ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් ද සහභාගී වූහ.

ඡායාරූප සහ සටහන - හර්ෂණ තුෂාර සිල්වා
ජෝර්දානයේ අම්මාන් නුවර සිට


RECOMMEND POSTS