බහරේන්හි ත්‍රිපිටකාභිවන්දනා සතිය සමරයි



බුදුදහමේ චිරස්ථිතිය උදෙසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  සංකල්පයකට අනුව ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කරන ලද යෝජනාවට සමගාමීව පවත්වන  ත්‍රිපිටකාභිවන්දනා සතිය සැමරීමට බහරේන්හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ත්‍රිපිටක වන්දනා වැඩසටහනක් ඉකුත්දා පවත්වන ලදී.

බහරේනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය සජී යූ. මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අනුශාසකත්වයෙන් යුතුව ඉකුත් 22 වැනි දින දවස පුරා බහරේන් බාර් බාර් විහාරස්ථානය මූලික කොට ගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි. බහරේන් රාජ්‍යයේ ධර්ම ප්‍රචාරක කටයුතු සදහා වැඩම කළ පූජ්‍ය දෙහිවල චන්ද්‍ර විසුද්ධි ස්වාමීන් වහන්සේගේ මෙම වැඩසටහන මෙහෙයවන ලදි’ 

ඊට සහභාගී වූ  දෙසීයකට අධික බැතිමතුන් අමතමින් පූජ්‍ය දෙහිවල චන්ද්‍රවිසුද්ධි ස්වාමීන් වහන්සේ විසින් ථෙරවාදී බෞද්ධ ත්‍රිපිටකය සහ  එය ලෝක උරුමයක් ලෙස නම්  කිරීමේ ඇති වැදගත් කම පිළිබද සවිස්තරාත්මක කරුණු පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.ත්‍රිපිටකාභීවන්දනා සතිය උදෙසා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පිලියෙල කරන ලද විශේෂ  වීඩියෝ දර්ශනවත්ද  රැස්ව සිටි පිරිස සඳහා ප්‍රදර්ශණය කිරීම ද මෙහි දී සිදු කරන ලදි’ .

මෙහි දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය මෙන්ඩිස් ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට යෝජිත ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ ව්‍යායාමය විශේෂයෙන් අගය කල අතර මෙම වැඩසටහන සම්බන්ධීකරණය කිරීමෙහිලා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වන ලද සහයෝගය විශේෂයෙන් පැසසුමට ලක් කළේය.

රැස්ව සිටි පිරිස ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී සඳුන් ලියන්විල මහතා මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා බාර් බාර් විහාරස්ථානයේ භාරකරු වන තුෂාර ගාල්ලගේ මහතා ඇතුළු එම නිලධාරී මණ්ඩලය විසින් දක්වන ලද සහයෝගය විශේෂයෙන් ඇගයීමට ලක් කළේය.

මහා සංඝරත්නය ඇතුලු සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට සහ පැමිණි සිටි අනෙකුත් පිරිස හට පිළියෙල කරනු ලැබූ දානමය පිංකමක්ද පැවැත්විණි.

ඉස්ලාම්  ආගමිකයන් බහුතරයක් වෙසෙන මැදපෙරදිග රාජ්‍යක් වන බහරේන්හි ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ලැබීම බහරේන් රාජ්‍යයේ පවතින ආගමික සංහිදියාව මැනවින් නිරූපනය කරන්නකි. බොහෝ විට බහරේන් රාජ්‍යය මෙවැනි ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනක් පවත්වනු ලැබූ එකම ඉස්ලාම‘ ආගමික රාජ්‍යය වනු ඇතැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.


RECOMMEND POSTS