ට්‍රම්ප්ට පැසැසුම්



උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණය බ්‍රිතාන්‍යයේත්, ඕස්ටේලියාවේත්, රුසියාවේත් පැසැසුමට හේතුවක් වී ඇත.

එය ජනපති ට්‍රම්ප් ගත් ඉතා වැදගත් තීරණයක් බව, ඊට සහාය පළ කරමින් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේ සාකච්ඡා පැවැත්වෙන්නේ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සහ රජයේ මැදිහත් වීමෙනි.

සාකච්ඡා සාර්ථක වන්නේ නම්, උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමත්, පසුව ඉවත් කිරීමත් කෙරෙහි සැළකිල්ලක් දක්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS