ජෙඩාවල ඉෆ්තාර් උත්සවයක්



මුස්ලිම් බැතිමතුන්ගේ රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් උත්සවයක් ඉකුත්දා සෞදියේ ජෙඩා නුවර  පිහිටි  ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේදී පැවැත්විණි.

ජෙඩා නුවර වෙසෙන ශ්‍රි ලාංකික ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් මෙන්ම හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන ඒ.ඩබ්ලිව්.ඒ සලාම් මහතා විසින් මෙම ඉෆ්තාර් උත්සවය සංවිධාන කර තිබිණි.

ඉස්ලාම් බැතිමතුන්  ඇතුලු විවිධ ආගම් වලට අයත් බැතිමතුන් හා ලාංකිකයින් 1200 කට ආසන්න පිරිසක් එක් වූහ.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ පළමු ලේකම් (කම්කරු හා සුබසාධන) ජේ.ඒ.ඩී.පී මංජුල ඇතුලු ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීහු පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.


RECOMMEND POSTS