කොමර්ෂල් බැංකුව හරහා පිටරට සිට එවන මුදල් ලබාගන්නා සැමට සුවිශේෂී අවුරුදු තෑගි



විදේශයන්හී සිට මෙරටට එවන මුදල් මෙම උත්සව සමයේදී කොමර්ෂල් බැංකුව හරහා ලබාගන්නා සැම වෙනුවෙන්, අලූත් අවුරුදු කෑම මේසය රසවත් කිරීම උදෙසා සුවිශේෂයෙන් පිලියෙළ කරන ලද සෞභාග්‍යයේ තිළිණය අපේ‍්‍රල් මස 12 වෙනිදා දක්වා ඔබගේ විදෙස් පේ‍්‍රෂණ සමඟ දිවයින පුරා පිහිටි ඕනෑම කොමර්ෂල් බැංකු ශාඛාවකින් ලබාගත හැක.

මෙහි සමාරම්භය කොමර්ෂල් බැංකුවේ කුරුණෑගල ශාඛාවේදී බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී සනත් මනතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා උත්සවාකාරයෙන් සිදුකරන ලද අතර මීට සමගාමීව උතුර දකුණ යාකරමින් එහි මාතර නගර ශාඛාවේදී හා යාපනය ශාඛාවේදී ද කොමර්ෂල් බැංකුවේ වටිනා ගනුදෙනුකරුවන් වන ඔබ සැම වෙනුවෙන් උත්සවාකාරයෙන් දියත් කරන ලදි.

ඊ-එක්ස්චේන්ජ්, මනිග‍්‍රෑම්, වෙස්ටන් යුනියන්, රියා සහ එක්ස්ප‍්‍රස් මනී ඇතුලූ සියලූම ආකාරයේ විදෙස් පේ‍්‍රෂණ වලින් ලැබෙන මුදල් කොමර්ෂල් බැංකුවෙන් ලබාගන්නා සැමට මෙම සුවිශේෂී තිළිණය හිමි වේ.

 




 


RECOMMEND POSTS