‘සිකා’ සමුළුව ටජිකිස්තානයේ



ආසියානු රටවල අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ සමුළුව හෙවත් ‘සිකා’ ඊයේ (15) ටජිකිස්තානයේ ඩුෂාන්බේ අගනුවරදී පැවැත්විණි.

ආර්ථික සහ වෙළෙඳ කටයුතු පමණක් නොව, ආසියා කලාපයේ පමණක් නොව මැදපෙරදි කලාපයේ ද රටවලට මුහුණදීමට සිදුවී ඇති ඉස්ලාමීය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද සිකා සමුළුවේදී සාකච්ඡා කෙරුණු බව වාර්තා වේ. සිකා සමුළුව මෙවර පැවැත්වූයේ පස්වැනි වරටය.

‘සිකා’ සමුළුවේ සාමාජික රටවල් ගණන 27 ක් වන අතර නිරීක්ෂකයන් ලෙස තවත් ආසියා, මැදපෙරදිග සහ අප්‍රිකා රටවල රාජ්‍ය නයෙකයන් සහ විදේශ ඇමැතිවරු සමුළුවට සහභාගී වෙති. සිකා සමුළුව ආරම්භ වූයේ චීනයේ සංකල්පයකට අනුවය.

ටජිකිස්තානයේ ඩුෂාන්බේ අගනුවර පැවැති සිකා සමුළුව ඇෆ්ගනිත්නාතය, චීනය, ඊජිප්තුව, ඉන්දියාව, ඉරානය, ඉරාකය, පාකිස්තානය, පලස්තීනය, කටාර් රාජ්‍යය, කොරියාව, රුසියාව, තුර්කිය, ටජිකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, වියට්නාමය ආදී රටවල් නියෝජනය කරමින් රාජ්‍ය නායකයෝ සහභාගී වූහ.

ශ්‍රී ලංකා ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා ටජිකිස්තානයට ගියේ ද මෙම සමුළුවට සහභාගී වීම සඳහාය.

ඩුෂාන්බේහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS