‘ආයුබෝවන්’ කී චාල්ස් කුමරු



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන්, අතට අත දීම ප්‍රතික්ෂේප කරමින් චාල්ස් කුමරු දෑත් එක් කරමින් ‘ආයුබෝවන්’ කීම, ලොව කාගේත් අවධානයට ලක් වී ඇත.

ස්පර්ශයෙන් කෝවිඞ් 19 වයිරසය ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත. සිංහලෙන් අප ‘ආයුබෝවන්’ කියන ආකාරයට සහ ඉන්දියානුවන් ‘නමස්තේ’ කියන ආකාරයට බටහිර වැසියෝ එකිනෙකා පිළිගැනීමට පුරුදු වී අවසන්ය.

චාල්ස් කුමරු ආයුබෝවන් කීවේ පසුගිය දා ලන්ඩන් නුවර රඟහලේ පැවැත්වුණු සම්මාන උළෙලකට සහභාගී වූ අවස්ථාවේදීය. මෙම සම්මාන උළෙල සංවිධානය චාල්ස් කුමරුන්ගේ අරමුදලින් සිදුවූවකි.

මේ අතර, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද ‘නමස්තේ’ කියමින් අමුත්තන් පිළිගැනීම ආරම්භ කර ඇත.

අයර්ලන්ත අගමැති වරද්කාර් ධවල මන්දිරයට පැමිණි අවස්ථාවේදී ට්‍රම්ප් ඔහු පිළිගත්තේ ‘නමස්තේ’ කියමිනි. වරද්කාර් ඉන්දීය සම්භවයක් ඇති අයර්ලන්ත වැසියෙකි.

(හින්දුස්ථානී ටයිම්ස් ඇසුරිනි)


RECOMMEND POSTS