සෞදියේ සිටි කටාර් ඔටුවොත් පිටුවහල්



තම තණ බිම්වල සැරිසරන කටාර් වැසියන්ට අයත් ඔටුවන් සහ බැටළුවන් වහා ආපසු ගෙන්වා ගන්නැයි සෞදිය කටාර් රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

කටාරය සහ සෞදිය එක ළඟ පිහිටි රටවල් දෙකකි. දෙරට අතර අර්බුදය හටගත් අවස්ථාවේදී සෞදිය ඔවුන්ගේ දේශසීමා වසා දැම්මේය. ඒ, කටාරය සමඟ සියලු සබඳතා අත්හිටුවමිනි.

කටාර් ගොවිපොලකරුවන්ට අයත් ඔටුවන් සහ බැටළුවන් රැසක් තමවත් කටාර් තණබිම්වල සිටින බවත් උන් වහා ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසත් සෞදිය වැඩි දුරටත් පවසා ඇත.

කටාර් බලධාරීන් පවසන්නේ මේ වනවිටත් ඔටුවන් 15,000 ක් සහ බැටළුවන් 10,000 ක් සෞදියට අයත් භූමි ප්‍රාදේශවලින් ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවය.

(බී.බී.සී.)


RECOMMEND POSTS