සෞදි ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ වාර්ෂික මහා සමුළුව



සෞදි අරාබියේ  නැගෙනහිර පළාත දමාම් ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ වාර්ෂික මහා සමුළුව පසුගිය සිකුරාදා දමාම් ඉන්ස්පියර් ඇකඩමික් ශ්‍රවනාගාරයේදී ඇති උත්සවශ්‍රීයෙන් පැවැත්විණ.මෙම මහා සමුළුව සදහා විශේෂ සම්භාව්‍ය ආරාධිතයින් ලෙස ගරු ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා සමග ඉන්ස්පියර් ඇකඩමි අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සාලා (සුඩාන් ජාතික)මහතාද මහත් හරිසරින් පිළිගනු ලැබුයේ කුඩා පාසල් දරිවියන් විසින් මල් සලබක් පිළිගැන්වීමෙනි. අනෙකුත් සම්භාව්‍ය ආරාධිතයින් මෙන්ම පාසල් දරු දැරියන්ගේ දෙමාපියන් විශාල පිරිසක්ද සහබාගි විය.

2015 වසරේ සෞදි අරාබියේ හිටපු තානාපති හුසේන් මොහොමඩ් මහතාගේ සහ එවකට ශ්‍රී ලාංකික විදෙස් ගත සංසදයේ ක්‍රියාකාරී සාමාජිකයින් කිහිප දෙනෙකුගේ අදහසකට අනුව ඉදිරිපත්වූ යෝජනාවකට මත  ක්‍රියාත්මකවූ දමාම් ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල විවිද දුෂ්කරතා මධ්‍යයේ අති විශාල ප්‍රාග්ධනයක් යොදවමින් (මුලිකව සෞදි රියාල් දෙලක්ෂ පනස් දහසක් පමණ )වැඩ කටයුතු ආරම්බ කිරීම සදහා නව ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතාගේ මාර්ගෝපදේශකත්වය මත 16 දෙනෙකුගෙන් සමන්විත ක්‍රියා කාරීකමිටුවක්  පත් කල අතර එහි සාමාජිකයින් ලෙස සබාපති අමීර් කේ මොහොමඩ්(ACMA,MSC)chairman,SLDIS, ආර්.එම්.එම් කලීල්(MBA) founder& chairman,එච් ජබරුල්ලා(BA DIP,IN HR management,එම් එච් නසරුල්ලා,මොහමඩ් නව්ෆල් Bsc hons,Msc(chemistry)& PGDE vice( principal &CAIE/IELTS coordinator,බංගලාදේශ් ජාත්‍යන්තර පාසල)සිවරාජ් ෂන්මුගන්,ආධම් ලෙබ්බේසබුර් (bachelor of IT Engineer),ඒ යුසුබ් ලෙබ්බේ,මොහොමඩ් ජසිත්( BBN (hon)CMA-USA.MAPM-SL)මොහොමඩ් මුනාෆ්දීන්,ෂේක් එම් එස් එම් මකීන් (BA HON)සලාහුදීන් මොහොමඩ් ෂේක්,මොහොමඩ් ලෆීර් මොහොමඩ් රිඵාන් අහමඩ් රසීන් රිෆාන්,අහමඩ් රසින් බුහාරි bsc Eng(MBA) සහ චාලි තලයරත්න (ව්‍යාපාරික) පත්කළ අතර එම කමිටුව විසින් සෞදි අරාබි රජය සහ සෞදි අධ්‍යාපන අමාත්‍යංශ බලධාරීන් සමග මනා සම්බන්ධතාවයක් ගොඩ නගමින් තම පාසල සදහා නිත්‍යානුකුලව තාවකාලික බලපත්‍රයක් ලබා ගැනීමට සමත්වූයේ තානාපති අස්මි තාසිම් මහතාගී මග පෙන්වීම සහ උනන්දුව මතයි.

කෙසේ වුවද මේ වන විට සෞදි රජය මගින් මෙම පාසලේ පළමු ශ්‍රේණියේ සිට පස් වන ශ්‍රේණිය දක්වා ළමුන් ඇතුලත් කොට ජාත්‍යන්තර පාසලක් ලෙස ස්ථිර බලපත්‍රය ලබා දී ඇති අතර ශ්‍රී ලංකා,පාකිස්තාන්,සහ සුඩාන් ජාතික දරු දැරියන් 150 කට අධික ප්‍රමාණයක් ඉගනුම ලබන බව සිවරාජ් ෂන්මුගන් මහතා පවසයි.එසේම මෙම ජාත්‍යන්තර පාසල බ්‍රිතාන්‍ය ප්‍රමිතිකරණයට අනුව සිංහල,ඉංග්‍රීසි දමිල යන භාෂා තුනෙන්ම ඉගනුම ලැබීමට ඇති නවීන පහසුකම් වලින් යුක්තව සම්පුර්ණ ජාත්‍යන්තර පාසලක් ලෙස සෞදි රජය පිළිගන ඇති බවද සිවරාජ් මහතා පවසයි .

මෙම විශේෂ අවස්ථාවට සහබාගිවු තානාපති අස්මි තාසිම් මහතා විසින් විශේෂ දේශනයක්ද පැවැත්වූ අතර නව අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස සබාපති අධ්‍යක්ෂ වේලාවන් සුබ්‍රමනියම් සහ මොහොමඩ් සවුසිෆ් ,මොහොමඩ් රින්ෆාන්,මොහොමඩ් ෆෛසල්,සෛෆල්ලාසමුන්,හුසේන් මොහොමඩ් යන අය තානාපති අසමි තාසිම් මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ඉදිරි කාල සීමාව තුල තම රාජකාරිය මනාව ඉටු කරන බව සපත කරමිනි.

මෙම අවස්ථාවට ශ්‍රී ලාංකික නර්තනකිහිපයක්ද කුඩා දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලද අතර ශ්‍රී ලාංකික ගුරු බවතුන්ගේ දක්ෂතාවයන් දරු දැරියන්ගෙන් මොනවට පැහැදිලි විය.ශ්‍රී ලංකා පාසල වෙනුවෙන් තම ශ්‍රමය ධනය කාලය කැප කරමින් මහගු සේවයක් ඉටු කරන ලද සියලුම සාමාජිකයින් හට කුසලාන සම්මාන පිරි නමිමද සිදුවුයේ තානාපති අස්මි තාසිම් මහතා අතිනි .

ලලිත් ප්‍රේමලාල්

සෞදි අරාබිය

05.03.2019


RECOMMEND POSTS