සෞදි ලාංකිකයෝ කනස්සල්ලෙන්



පසුගිය ජනවාරි පළමු වනදා සිට ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර ගාස්තු සංශෝදනය කිරීම පිලිබදව සෞදියේ වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයින් තම කනස්සල්ල මෙන්ම විරෝධය  පිලිබදව රියාද් සහ නැගෙනහිර කලාපයේ තානාපති අංශ වලින් වාර්තා විය

ශ්‍රී ලංකාවේදී ඕනෑම රටකට වලංගු ගමන් බලපත්‍රයක් එක දිනක් තුලදී රුපියල් දස දහසක මුදලකට ලබා ගැනීමට හැකියාව තිබියදී මැද පෙරදිග වැනි කම්කරු ශ්‍රේණිවල  ඉතා සොශ්චම් වැටුපකට රැකියාව කරමිනන් දුක්ඛිත දිවියක් ගෙවන ශ්‍රමිකයින් හට අති විශාල මුදලක් වන සෞදි රියාල් 565 (රුපියල් 27.000 කට අධික මුදලක්)අය කරීම කිසිසේත්ම සාදාරනය කල නොහැකි  කරුණක් බව පසුගිය සිකුරාදා නැගෙනහිර කලාපිය තානාපති ජංගම සේවාව සදහා ශ්‍රී ලාංකිකයෝ එක හඩින් කියා සිටියහ.මේ අවස්ථාවේදී තානාපති කාර්යාලයේ නිලධාරින්ද ඉතා අපහසු තාවයට පත්වීමද දැක ගතහැකි විය.

මිට පෙර මැදපෙරදිග සදහා වලංගු ගමන් බලපතක් ලබා ගැනීමට සෞදි රියාල් 190 ක් (රුපියල් 9000) පමණක් අය කලද එම මුදල තුන් ගුණයකින් ඉහල දැමීම මගින් තමන්ගේ මාසික ශෝච්චම් වැටුපට මාරු පහරක් එල්ල වෙන බවද මැද පෙරදිග රටවල සේවය කරන කිසිවෙකුත් යුරෝපයේ හෝ අනිකුත් කිසිදු රටකට යාමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් මෙවැනි අති විශාල මුදලක් ගෙවා ගමන් බලපතක් ලබා ගැනීම සාදාරන නොවන බවත් බොහෝ ශ්‍රී ලාංකිකයින් පවසයි.

විශේෂයෙන්ම ගෘහ සේවිකාවන් ලෙස රැකියාව කරන කාන්තාවන්ද මෙම අති විශාල මුදල ගෙවා ගැනීමට නොහැකිව විවිද අපහසුතාවයන්ට පත්වනු දුටු අතර ඉතා අඩු වැටුපකට රැකියාවන් කරන බොහෝ ශ්‍රී ලාංකික තරුණයන් ශ්‍රී ලංකා රජයවෙත තම විරෝදය පාමින් පිටව ගියේ කරකියා ගත නොහැකි නිසාය.

කෙසේ වුවද බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ පොදු මතය වුයේ ඉදිරි කාලය තුලදී හෝ මෙම මුදලින් අඩක් දක්වා හෝ අඩු කර තම ගමන් බලපත් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජයේ කාරුණික අවධානය යොමු විය යුතු බව පසක් කරමිනි.

මේ අතර අති විශාල ජනතාවක් සේවය කරන ඉන්දියානු ශ්‍රමිකයින් වෙනුවෙන් ලෝකයේ ඕනෑම රටකට ගමන් කල හැකි ගමන් බලපතක් සදහා ය කරනු ලබන්නේ සෞදි රියාල් 360 ක් නොහොත් ශ්‍රී ලංකා රුපියල් 17000 ක් පමණක් වන අතර එම ගමන් බලපත්‍රය සෞදි අරාබිය තුලදී දින 5 ක් ඇතුලත ලබාදීම සිදු කරයි. ඉන්දියාව හා සාපෙශ්ෂාව ශ්‍රී ලංකා ගමන් ගමන් බලපතක් සදහා අවම වශයෙන් මාස දෙකක් ගතවීම ශ්‍රී ලංකා රජයේ දුර්වල සහ අලස බව මොනවට පැහැදිලිවේ.

ලලිත් ප්‍රේමලාල්
දමාම්- සෞදි අරාබිය.
06.01.2019.

 

 


RECOMMEND POSTS