සෞදි රියාද් නත්තල් සිරි



සෞදි අරාබියේ රියාද් නුවර කිතුනු බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් 2019 දෙසැම්බර් හත් වෙනි දින (7 ) රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී නත්තල් සැමරුම් උත්සවයක් ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

මෙම නත්තල් සැමරුම් උත්සවය සදහා ශ්‍රී ලාංකිකයින් ඇතුළු විවිද ජාතීන්ට අයත් විශාල පිරිසක් සහභාගී වූ අතර කිතුනු බැතිමතුන්ගේ සාම්ප්‍රදායික සන්ස්කෘතියන්ට අනුව කැරොල් ගී කිතුනු බැති ගායනා,නාට්‍ය මෙන්ම විවිද විශේශාංග විශාල ප්‍රමාණයක් දැක ගන්නට හැකි විය.

මෙම නත්තල් සැමරුම සදහා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කැරොල් බැති ගී සංග්‍රහයක්ද ඉදිරිපත් කිරීම විශේෂිත විය.

ඡායාරුප - සමන් දර්ශන
සටහන ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබිය

RECOMMEND POSTS