සෞදි රජු චීනයට



ආසියානු රටවල සංචාරයක යෙදන සෞදියේ සල්මාන් අබ්දුල්ලාසි අල් සෞද් රජු සිය පිරිවර ද සමඟ තෙදින සංචාරයක් සඳහා චීනයේ බීජීං අගනුවරට පැමිණියේය.

සිය විශේෂිත ගුවන් යානයෙන් ටොන් ගණනක් බඩු මුට්ටු, මෝටර් රථ සහ විදුලි සෝපාන ද සමඟ පැමිණි රජු ඇතුළු පිරිසට චීන රජයෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

චීන ජනපති හමුවීමෙන් පසු සෞදියත් චීනයත් අතර ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සෞදි රජතුමා කටයුතු කළේය.

අභ්‍යවකාශ තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් ද සෞදි රජු චීන බලධාරීන් සමඟ සාකච්ඡා කළේ යැයි වාර්තා වේ.

ප්‍රෙස් ටීවී

 


RECOMMEND POSTS