සෞදි දමාම් බක්මහ උළෙල ජයටම



සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මගින් වාර්ෂිකව ඉදිරිපත් කරන මහා බක්මහ උළෙල මෙවරත් පසුගිය සිකුරාදා 19 දමාම් අල් ෆයිසාලියා අල් හිඩ් උත්සව පරිශ්‍රයේදී දවස පුරාම උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

උදැසන අටේ සිට ආරම්භ වූ මෙම දැවැන්ත බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත සම්භාව්‍ය අමුත්තා ලෙස රියාද් ශ්‍රී ලංකා තානාපති තැන්පත් අස්මි තාසිම් මහතා විසින් චිරාගත පොල්තෙල් පහන දල්වා ආරම්භ විය.ශ්‍රී ලාංකික සම්ප්‍රධායන්ට අනුකුලවූ විවිද සංස්කෘතික අංගයන්ගෙන් සමන්විතවූ උත්සව භුමිය කිරි ඉතිරවීම,කාන්තාවන් විසින් රබන් සුරල් වැයිම,කනා මුට්ටිය බිඳීම,තරගෙට කිරි කැවීම (යුගල) බිත්තර ඇල්ලීම (යුගල) සිඟිති අවුරුදු කුමාර කුමරිය,කඹ ඇදීම කාන්තා පිරිමි,කොට්ට පොරය විකට ඇදුම් තරග ආදී මෙකි නොකී තරග ඇතුළු කුඩා දරු දැරියන් සදහාවූ විවිද වැඩසටහන් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් තිබිණ.

විශේෂයෙන්ම මෙහි පැමිණි සියලුම ප්‍රේක්ෂකයින් සදහා උදැසන ආහාරය සදහා සංස්කෘතික සංසදය මගින් ශ්‍රී ලාංකික ආවේනිකවූ කැවුම් කොකිස් කිරිබත් වැනි ආහාර පාන වලින් සංග්‍රහ කිරීමටද අමතක නොකර තිබිණ .

විශාල ජන ගගක් සහභාගී වූ මෙම දැවැන්ත අවුරුදු උලෙල සදහා දවස පුරාම මන මෝහනීය සංගීත රටාවන් ඔපවත් කිරීම සදහා  සෞදි අරාබියේ අති දක්ෂ සංගීත කණ්ඩායමක් වන ශ්‍රී ලාංකික තරුණයන්ගෙන් හෙබි “සෙරන්ඩිබ්”සංගීත කණ්ඩායම තම දායකත්වය උපරිමයෙන් ලබා දී තිබිණ.

ඇත ගම් දනවු සිට පැමිණ සිටි විවිද ජාතීන්ට අයත් විශාල පිරිසක් මෙම අවුරුදු උළෙල නැරබීමට පැමිණ සිටි අතර විවිද තරග නරබිමෙන් හා සහභාගී වීමෙන් අමන්දානන්දයට පත් වන අයුරු දැකගන්නට ලැබිණ

තරග සදහා සහභාගී වූ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත වටිනා ත්‍යාග පිරිනැමීම තානාපති  අස්මි තාසිම් මහතා සහ සම්භාව්‍ය ආරාධිත අනුග්‍රාහක බවතුන් අතින් සිදුවිය ප්‍රධාන අනුග්‍රාහකත්වය ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) පිසි කාර්ගෝ,ශ්‍රී ලන්කන් ගුවන් සේවය,ඇරැබ් නැෂනල් බෑන්ක් (TELE MONEY) සහ නැගෙනහිර කලාපිය ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දායකත්වය ලබාදී තිබු අතර මාධ්‍ය අනුග්‍රහය ලංකාදීප පුවත් පත ලබා දෙන ලදී .

ලලිත් ප්‍රේමලාල්  දමාම්

 


RECOMMEND POSTS