සිරියා ජනපති අසාද් රුසියන් හමුදා කඳවුරේ



බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් එරට පිහිටි රුසියානු ගුවන් කඳවුරේ සංචාරයක නියැලුණේය.

සිරියානු අර්බුදයේ දී රුසියාවේ සහාය හිමිවන්නේ සිරියානු රජයටය. රුසියානු හමුදා සිරියාවේ රැඳී සිටිමින්, සිරියානු රජයට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට ත්‍රස්තවාදීන්ට එරෙහිව ගුවනින් ප්‍රහාර එල්ල කරයි.

රුසියන් ගුවන් කඳවුර පිහිටා ඇත්තේ බටහිර සිරියාවේය. මෙයිමිම් නමැති එම රුසියානු ගුවන් කඳවුරේ සංචාරය කළ සිරියානු ජනාධිපති අසාද් ප්‍රහාර සඳහා රුසියන් ගුවන් හමුදාව භාවිතයට ගන්නා ෂුකෝල් එස් යූ 35 වර්ගයේ ප්‍රහාරන යානා අධීක්ෂණය කළේය. එක් ප්‍රහාරක යානයක නියමු කුටියට ගොඩවීමට පවා අමතක නොකළේය.

සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් මේ වනවිට ප්‍රසිද්ධියේ පෙනී සිටීමට කටයුතු කර තිබේ. පසුගිය දින කිහිපයේ ඔහු සිරියාවේ ගම්මාන දෙකක සංචාරය කරමින්, යුද ගැටුම්වලින් තුවාල ලැබූ හමුදා සොල්දාදුවන්ගේ සුවදුක් විමසා බැලුවේය.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS