සිරියා ඇමතිගෙන් සරණාගතයින්ට ඇරයුමක්



මේ වන විට ලෝකයේ විවිධ රටවල සිටින සිරියා සරණාගතයින්ට නැවත තම රටට පැමිණෙන ලෙස සිරියා විදේශ කටයුතු අමාත්‍යවරයා ඉල්ලා සිටී.

යුද ගැටුම් හේතුවෙන් මිලියන දෙකකට වැඩි පිරිසක් සිරියාව අතහැර ගොස් තිබෙනවා. එසේ තම රට අතහැර ගොස් සිටින සරණාගතයින්ට යළි තම රටට පැමිණෙන ලෙසයි සිරියා විදේශ කටයුතු අමාත්‍යවරයා සිය වැසියන්ට දන්ා සිටී.

කෙසේ වෙතත් ඇමෙරිකා ජනාධිපතිවරයා සිරියාව ඇතුලු රටවල් හතක සරණාගතයින්ට ඇමෙරිකාවට ඇතුලුවීමේ තහනමක් පැනවීම පිළිබඳ අමාත්‍යවරයා කිසිවක් සඳහන් කර නැත.

සිරියා රජයේ හමුදා විසින් අයි.එස් ත්‍රස්තයින් හා වෙනත් සන්නද්ධ කැරළි කණ්ඩායම් වෙත ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ජයග්‍රහණ රැසක් අත්කරගෙන සිටින බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

 

( තිළිණි ද සිල්වා )
අල් ජසීරා ඇසුරෙනි.....


RECOMMEND POSTS