සිරකරුවන් හුවමාරු වැඩපිළිවෙළක්



ශ්‍රී  ලංකාව හා ඉරානය අතර සිරකරුවන් හුවමාරු කිරිමේ ද්වි පාර්ශවික ගිවිසුමකට එළැඹෙන බව අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තළතා අතුකෝරල මහත්මිය ලංකාදීපයට පැවැසුවාය. 

මෙහි දී ඉරානයේ බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකීය සිරකරුවන් හා මෙරට බන්ධනාගාරවල සිටින ඉරාන සිරකරුවන් හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරිය කීවාය.

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහමඞ්  සාරි අමිරානි මහතා සමඟ මේ පිළිබඳව ඊයේ (21) සාකච්ඡා කළ බව ද අමාත්‍යවරිය පැවැසුවාය.

දෙරටෙහි අධිකරණ ඇමතිවරුන් අතර ඉදිරියේදී මීට අදාල ගිවිසුම අත්සන් කිරීමට නියමිතව ඇති අතර මෙම සිරකරුවන් හුවමාරුව 1995 අංක 05 දරණ වරදකරුවන් හුවමාරු කිරීමේ පනත යටතේ සිදු වනු ඇත.

මෙම සිරකරුවන් හුවමාරු කිරීමේ වැඩ සටහන යටතේ සිරකරුවන්ට නිදහසක් හිමි නොවන අතර  අදාළ රට තුළදි එම සිරකරුවා ලැබු දඩුවම ඒ ආකාරයෙන්ම තම රට තුළ බන්ධනාගාරවලදි විදිමට සිදු වේ. 

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS