සාම්ප‍්‍රදායික පිළිගැනීමක්



නවසීලන්තයේ උතුරු දිවයිනට පැමිණ සිටින බි‍්‍රතාන්‍යයේ හැරී කුමරු සහ සසෙක්ස් ආදිපාදවරිය හෙවත් මේගන් මාකෙල් රොටොරුවා විල අසල පිහිටි රොටොරුවා නගරයේ සංචාරයකට පැමිණියහ.

එහිදී නවසීලන්ත ස්වදේශිකයන් වන මෞරුවරුන්ගෙන් රාජකීය යුවළට ඉහළ පිළිගැනීමක් හිමිවිය. මෞරිවරුන්ගේ සම්ප‍්‍රදායට අනුව, යුවළ පිළිගැනීම සිදුවූයේ නළලට නළල තබමිනි. රාජකීය යුවළ දැක ගැනීමට සියයකට වැඩි පිරිසක් පැමිණ සිටි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

රොටොරුවා රේන්බෝ ස්පිංග්ස් හි කිවී කුරුල්ලන් සුරැකීමේ මධ්‍යස්ථානය නැරැුඹීමට ද හැරී සහ මේගන් යුවළ අමතක නොකළාහ. කිවී යනු පියාඹා යෑමට නොහැකි කුරුල්ලෙකි. කිවී නවසීලන්තයේ ජාතික පක්ෂියාය.

හැරී සහ මේගන් මාකෙල් නවසීලන්තයේ උතුරු දිවයිනය පැමිණියේ දකුණු දිවයිනේ සංචාරය කිරීමෙන් පසුවය. උතුරු දිවයිනේ  ඕක්ලන්ඞ් නුවරට රාජකීය යුවළ පැමිණෙද්දී භූමි කම්පාවක් හටගත් බව ද වාර්තා විය. රික්ටර් පරිමාණයේ ඒකක 6.2 ක් සටහන් කළ එම භූමි කම්පාවෙන් නවසීලන්ත උතුරු දිවයින දෙදරා ගියේය. කෙසේ නමුත් ජීවිත හෝ දේපොල හානි හෝ සිදු නොවිණි.

රොටොරුවා නගරයට පැමිණීම හැරී සහ මේගන් යුවළගේ නිල සංචාරයේ අවසන් අදියරය. යුවළ නවසීලන්තයට පැමිණීමට පෙර,  ඕස්ටේ‍්‍රලියාවේත්, ෆීජී සහ ටොංගා යන දූපත් රාජ්‍යයවලත් සංචාරය කළහ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS