සලාම් එයාර් වැඩ අරඹයි



ගුවන් මඟින් 72දෙනෙකු රැගෙන සලාම් එයාර් ගුවන් සමාගමට අයත් පළමු  ගුවන්යානය සලාලාහ් ගුවන් තොටුපලේ සිට සොහාර් ගුවන්තොටුපල වෙත පැමිණි බව වෝටන් පුවත්පත වාර්තා කළේය.

මස්කට් අන්තර්ජාතික ගුවන්තොටුපල තුල සලාම් එයාර් ගුවන් සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති අතර ඕමාන තුල ලාභදායි ගුවන් සේවාවන් සැපයීම සඳහා ගුවන් සමාගම කටයුතු කරමින් ඇත.

සොහාර් සහ සලාලාහ් නගර අතර දිනකට ඍජු ගුවන් වාර තුනක් ජුනි 09 වන දින සිට ක්‍රියාත්මක කිරීමට ගුවන් සමාගම කටයුතු කර ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් පුවත්පත වාර්තා කර ඇත.

සාජා අන්තර්ජාතික ගුවන්තොටුපල තුල ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති ලාභදායි සේවාවන් සපයන ගුවන් සමාගමක් ලෙස ප්‍රසිද්ධියට පත් එයාර් ඇරේබියා ගුවන්සේවය ජූලි 09වන දිනසිට සෝහාර් ගුවන් තොටුපොළ සමඟ ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS