සරණාගතයන් ගැන සොයා බලන්න ඕනෑ



මියන්මාරයේ ඇති වී තිබෙන ප්‍රශ්නකාරි වාතාවරණය හේතුවෙන් බංගලිදේශයට පලාගොස් සිටින රෝහින්යා මුස්ලිම් සරණාගතයින් සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රජාව මීට වඩා වැඩි අවධානය යොමු කළ යුතු බවත් කඩිනම්න් එම ප්‍රශ්නය විසදීම සඳහා සියළු දෙනා එක් වී කටයුතු කළ යුතු බව ජෝර්දාන රැජින වන රානියා ප්‍රකාශ කළබව ඇරබ්-ටයිම්ස්-ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

බංගලංදේශයේ පිහිටුවා ඇති රෝහින්යා සරණාගත කඳවුරු වල සංචාරයක නිරත වෙමින් සරණාගතයින්ට මියන්මාරයේදී  මුහුණ දීමට සිදු වු අත්දැකීම් පිළිබඳව ඇය සාකච්ඡා කල බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරබ්-ටයිම්ස්-ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS