සය සාමාජික මහා ක්‍රිකට් තරගාවලිය



සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ගෙන් සදුන් ලත් ෆයටස් ක්‍රීඩා සමාජය මගින් සංවිධානය කරන ලද සය සාමාජික දිවා රාත්‍රී මහා ක්‍රිකට් තරගාවලිය පසුගිය සිකුරාදා නිමාවුයේ ෆයිටස් A කණ්ඩායමට තරගාවලියී ජයග්‍රාහි කුසලානය ඇත කර දෙමිනි.තරගාවලියේ  අනු ශුරතාවය දමාම් SLCC කණ්ඩායමට හිමිවිය.

ආරාධිත කණ්ඩායම් 16 කින් සැදුම් ලත් මෙම තරගාවලියේ පළමු අර්ධ අවසන් පුරවා තරග සදහා සුදුසුකම් ලැබූ SLCC YELLOW කණ්ඩායම සහ SLCC දම්මාම් Bකණ්ඩායම තරගය සදහා පිටියට පිවිසි අතර SLCC දම්මාම් B කණ්ඩායම ලකුණු 27 කින් ජයග්‍රහණය කිරීමට සමත්ය්විය.තරගයී වීරයා ලෙස ලකුණු 24 ක් සහ කඩුලු එකක් ලබාගත් ජවාඩ් මොහොමඩ් නම්කරන ලදී

දෙවන අර්ධ අවසන් පුරවා තරගය සුදුසුකම් ලැබුවේ ෆයිටස් A කණ්ඩායම සහ KUSHEIM කණ්ඩායම වන අතර ප්‍රතිවාදී ඉලක්කය පසු කරමින් ලකුණු 63 ක් ලබා ගනිමින් ෆයිටස් A කණ්ඩායම පහසුවෙන් ජයග්‍රහණය හිමි කර ගන්නා ලදී.මෙම තරගයී වීරයා ලෙස නම් කෙරුනේ කඩුලු තුනක් සහ දුවද්දී දැවී යාමක් ලබාගත් අසේල වීරසිංහ ක්‍රීඩකයි.

ඒ අනුව අර්ධ අවසන් මහා තරගය සුදුසුකම් ලැබූ කණ්ඩායම් වුයේ SLCC දමාම් B සහ ෆයිටස් යන කණ්ඩායම් දෙකය කාසියේ වාසිය ලබාගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ෆයිටස් A කණ්ඩායම ලකුණු 64 ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස පිටියට බට SLCC දමාම් B කණ්ඩායමට ලබා ගත හැකිවුයේ ලකුණු 27  ක් පමණකි.ෆයිටස් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 21 ක් ලබා ගනිමින් මනා දායකත්වයක් ඉටුකරකරන ලද්දේ චන්දන රණවිර ක්‍රීඩකයා විසිනි.අවසන් මහා තරගයේ වීරයා ලෙස ලකුණු 21,කඩුලු එකක්සහ උඩ පන්දු එකක් ලබාගත් චන්දන රණවිර ක්‍රීඩකයා නම් කෙරින.මෙම තරගාවලියේ ලකුණු 92 ක් ,කඩුලු 3 ක් සහ උද පන්දු දෙකක් ලබාගත් නිහාල් සේමසිංහ ක්‍රීඩකයා තරගාවලියේ වීරයා ලෙස සුදුසුකම් ලැබිය.

මෙම නිදහස් දින සුබසාදන තරගාවලිය පිලිබදව අදහස් දක්වමින් මුලික සංවිධාන කටයුතු බාරව ක්‍රියා කල LANKEN CHARITY CLUB සමාජයේ ප්‍රකාශකයෙකු සදහන් කලේ මෙම තරගාවලියෙන් ලැබෙන කුමන හෝ ආධායමක් ශ්‍රී ලංකාවේ වෙසෙන ආබාධිත පුත්ගලයින් සදහා රෝදපුටු සහ කිහිලිකරු ලබාදීම සදහා යොදවන බවයි.

මෙම මහා තරගාවලිය සදහා ප්‍රදාන අනුග්‍රහය (PC)පිසි කාගෝ ආයතනය විසින් දරන ලද අතර සම අනුග්‍රාහකයින් ලෙස AAD ABDUL LATHEEF,DEHEM AL KHOBAR සහ REDHI AL SULTAN යන ආයතන විසින් දරන ලදී

ලලිත් ප්‍රේමලාල්

දමාම්


RECOMMEND POSTS