සබඳතා තරකර ගැනෙයි



සෞදියේ සහ ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායකයන් අතර සම්බන්ධතා වැඩිදියුණු කර ගැනීමේ අරමුණෙන් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසීම් මහතා එරට ෂුරා කවුන්සිලය (පාර්ලිමෙන්තුව) වෙත කැඳවූ බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර සිටී.

මෙහිදී ශ්‍රී ලංකා තානාපතිවරයා සෞදි ෂූරා කවුන්සිලයේ සභාපති  ආචාර්ය අබ්දුල්ලා ඉබන් මොහොමද් ඉබින් ඊබ‍්‍රාහිම් අල් ෂෙයික් හමුවී සාකච්ඡා කරනු ලැබීය.

ඉතාම සුහද ලෙසින් පැවති මෙම හමුවේදී එරට ෂූරා කවුන්සිල සභාපතිවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් , සෞදියේ ෂූරා කවුන්සිලයත් අතර පවතින දිගු කාලීන සම්බන්ධතා පිළිබඳව සිහපත් කළ අතර වසර 16 කට පසුව එම ආයතන දෙක අතර සිදුවූ නියෝජිත හමුවේ වටිනාකම් පිළිබඳවද කරුණු සඳහන් කළේය.

දෙරටේ ව්‍යවස්ථාදායකයන් අතර පවතින දිගු කාලීන සබඳතා තහවුරු කරමින් තමන් ලබන මාසයේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සම්බන්ධයෙන් සලකා බලන බවද සෞදි ෂූරා කවුන්සිල සභාපතිවරයා තානාපති අස්මි තාසිම් මහතා හමුවේ සඳහන් කරන ලදි.

මෙම හමුවට සෞදියේ  ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති මධූක වික‍්‍රමාරච්චි සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ද්විපාර්ශික කටයුතු පිළිබඳ නිලධාරී ඒ.එල්.එම් ජබීර් යන මහත්වරුන්ද සහභාගී වූහ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS