ශ්‍රීලංකන් ගුවන් සේවා නිලධාරියකුට කොරෝනා



ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කනිෂ්ඨ ගුවන් නියමුවෙකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පවසා තිබේ.

එම ආසාදිත පුද්ගලයා අංගොඩ වසංගත රෝග රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.

අවසන් වරට ආසාදිත ගුවන් නියමුවා සිංගප්පූරුවේ සිට කටුනායක දක්වා සිය ගුවන් යානය පියාසර කර ඇතැයි ද පැවැසෙයි.

නියමුවා සමඟ කටයුතු කළ ශ්‍රීලංකන් කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනකුට නිවෙස්වල රැඳී සිටිමින් ස්වයං නිරෝධායනයක නියැලෙන්නැයි උපදෙස් ලැබී ඇත.


RECOMMEND POSTS