ශ්‍රී ලංකා ධීවර කර්මාන්තය සඳහා ප්‍රංශ ආණ්ඩුවේ සහාය



ශ්‍රී ලංකාවේ ධීවර වරාය පුනරුත්තාපනය කරමින්, ජලජ සම්පත් ඉහළ නංවීමේ මූල්‍යමය වැඩසටහනක් සකස් කිරීමට ප්‍රංශ රජයේ අවධානය යොමු වී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලාවෑර්ත්‍ය මහතා පසුගිය දා ගාලු ධීවර වරයේ සංචාරයකට පැමිණි අවස්ථාවේදී මේ බව පැවැසීය.

ගාලු, බේරුවල, පුරාණවැල්ල සහ කුඩාවැල්ල යන වරාය මෙම වැඩසටහන මගින් පුනරුත්තාපනය කෙරෙන බවත්, එම වරාය කේන්ද්‍ර කොටගත් ජලජ සම්පත් ඉහළ නැංවීමේ කටයුතු සිදු කෙරෙන ප්‍රංශ තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම වැඩසටහන පිළිබඳ ශාක්‍යතා අධ්‍යනයක් පසුගිය පෙබරවාරි 15 වැනිදා ආරම්භ විය.


RECOMMEND POSTS