ශකීරාට අධිකරණයෙන් චෝදනා



බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් සුපිරි පොප් ගායිකාවක් වන ශකිරා හට ස්පාඤ්ඤ අධිකරණයක් විසින් චෝදනා එල්ල වී තිබේ.

අධිකරණය චෝදනා කර ඇත්තේ ඇය විසින් ස්පාඤ්ඤය තුළ කාලය ගෙවූ 2012 – 2014 අතර කාල වකවානුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 16යි දශම 3ක බදු පැහැර ඇති බවයි.

විදෙස් මාධ්‍ය සඳහන් කලේ වසරකට මාස හයකට වඩා ජීවත් වන සෑම පුද්ගලයෙකුම ස්පාඤ්ඤය තුළ බදු ගෙවීමට සුදුසු පුද්ගලයෙකු ලෙස සලකනු ලබන බවයි.

ශකිරා පවසා ඇත්තේ අදාළ කාලවකවානුව තුළ තමන් ස්පාඤ්ඤය තුළ නොසිටි බව හා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

කෙසේවෙතත් අධිකරණය පවසා ඇත්තේ අදාළ කාලවකවානුව තුළ ශකිරා ඇයගේ සහකරු සමඟ ස්පාඤ්ඤයේ ජීවත් වූ බවත් ඒ වන විට ඇය අමෙරිකානු ඩොලර් මිලියන 200කට අධික වත්කමකට හිමිකම් කී බැවින් ඇය විසින් අදාළ බදු මුදල් ස්පාඤ්ඤයට ගෙවිය යුතු බවයි

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS