විශ්ව රූ රැජින කිරුළ පිලිපීනයට



විශ්ව රූ රැජින තරගාවලිය, 67 වැනි වරට පසුගිය 17 වැනිදා, තායිලන්තයේ නොන්තබූරි ප‍්‍රාන්තයේ මොන්ග් තොන්ග් තානී හි ඉම්පැක්ට් රඟහලේදී පැවැත්වුණු අතර, විශ්ව රූ රැජින ලෙස කිරුළ පැළැඳියේ පිලිපීනය නියෝජනය කළ සුරූපිනියයි. විශ්ව රූ රැජින කිරුළ පිලිපීනයට හිමිවුණු සිවුවැනි අවස්ථාව මෙයයි.

කිරුළ පැළඳි සුරූපිනිය කැට්රියෝනා ගේ‍්‍ර ය. ඇය 24 හැවිරිදි වියෙහි පසුවෙයි. ඇගේ උස අඩි 5 යි 10 කි. පිලිපීන ජාතික තරුණියක වුවත්, කැට්රියෝනා උපත ලැබුවේ  ඕස්ටේ‍්‍රලියාවේ ක්වීන්ස්ලන්ඞ් ප‍්‍රාන්තයේය. ඒ, 1994 වසරේ ජනවාරි 6 වැනිදාය.

1999 වසරේ දී පිළිපීනයේ ‘පුංචි සුරූපිනිය’ තරගයෙන් ප‍්‍රථම ස්ථානයත්, 2016 වසරේ දී ලෝක රූ රැජින කිරුළ සඳහා පිලිපීනය නියෝජනය කළ සුරූපිනිය වූයේත් මැයයි.

කැට්රියෝනා ගේ‍්‍ර පිලිපීන වැසියන්ගේ පමණක් නොව  ඕස්ටේ‍්‍රලියාවේ ක්වීන්ස්ලන්ඞ් වැසියන්ගේ ද ආදරයට ලක් වූ තැතැත්තියකි. ඇය ගායිකාවකි. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියකි. මෝස්තර නිරූපණ ශිල්පිණියකි.

කැට්රියෝනාට විශ්ව රූ රැජින කිරුළ පැළැන්¥වේ පසුගිය 2017 වසරේ විශ්ව රූ රැුජින කිරුළ දිනූ දකුණු අපි‍්‍රකා සුරූපිනිය ඩෙමී ලී ලෙන් පීටර්ස් ය. මෙවර විශ්ව රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය හිමි වූයේ දකුණු අපි‍්‍රකා සුරූපිනියටය. තෙවැනි ස්ථානය වෙනිසියුලා සුරූපිනිය හිමිකර ගත්තාය.

පිලිපීනයේ සිට සජීවීව විශ්ව රූ රැජින තේරීමේ තරගාවලිය විකාශය වුණු අතර සුපුරුදු පරිදි එය මෙහෙයවනු ලැබුවේ ප‍්‍රහසන ශිල්පියකු වන ස්ටීව් හාර්විය. ආර්මේනියාව, කසක්ස්තානය සහ මොංගෝලියාව ද පළමු වරට මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සුරූපිනියන් සහභාගී කරවා තිබුණු බව ද පැවැසෙයි.

ඒ.එෆ්.පී ඇසුරිනි

 


RECOMMEND POSTS