විලියම් කේට් ලාහෝරයේ



පාකිස්තාන සංචාරයක නියැලෙන බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් ඊයේ (17) ලාහෝරයේ සංචාරයක නියැලුණාහ.

එම ලාහෝරයේ කළ සංචාරයේදී විලියම් කේට් යුවල ලාහෝර් හි ෂෝකාත් කානුම් අනුස්මරණ පිළිකා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූහ.

මෙම පිළිකා රෝහල ඉදි කිරීමට කටයුතු කළේ 1996 වසරේ ක්‍රිකට් තරුවකු වූ වත්මන් අගමැති ඉම්රාන් ඛාන් සහ එවකට ඔහුගේ බිරිය වූ බ්‍රිතාන්‍ය ජාතික ජෙමීමා ගෝල්ඞ්ස්මිත් ය.

විලියම් කුමරුන්ගේ මව ඩයනා කුමරිය, මෙම පිළිකා රෝහල ඉදිකිරීමට අරමුදල් රැස් කරදීමට ලාහෝරයට පැමිණ ඇත.  ලාහෝර් සංචාරයේදී විලියම් කේට් යුවල පාකිස්තාන ජාතික ක්‍රිකට් ඇකඩමියේ සංචාරයක නියැලුණාහ.

එහිදී විලියම් කේට් යුවල ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පවා අමතක නොකළාහ. ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව රාජකීය යුවල ලාහෝරයේ ඓතිහාසික බඞ්ෂාහි මුස්ලිම් දේවස්ථානයට ගියහ.

(ඩේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS